මුල් පි‍ටුව

Wednesday, December 21, 2011

ඔපරේෂන් "මල්කී" !!!

"බුවා ඇවිල්ලා" නිව්ස් එක ආවේ බේස්මන්ට් එකේ ස්ථානගත කරලා හිටපු බුද්ධි අංශ නිළධාරියාගෙන්,
අනික් හැමෝම තම තමන්ට නියමවූ ස්ථානවල රාජකාරිය කරා..
අදාල බිල්බිමේ බේස්මන්ට් එකේ රේඩියෝ යන්ත්‍රයෙන් කියවුනේ නිල් පැහැති ශර්ට් එකක් ඇදගත්ත පාර්සලයක් අතින් ගත් සැකකටයුතු පුද්ගලයා අදාල ස්ථානයට ලංවූ බවයි..
මූලික පරීක්ශන කටයුතුවලින් සැක හැර අදාල පුද්ගලයාව තහවුරු වුන නිළධාරීන් තම තමන්ගේ රේඩියෝ යන්ත්‍ර වලින් උඩම තට්‍ටුවේ වීදුරුව ලගසිට මේ සියල්ල සියුම්ව නිරීක්ශනය කරන තම කන්ඩායම් නිළධාරියාව දැනුවත් කරා,
කොල්ලුපිටිය හනිදියට ආසන්නව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලට ආසන්නව තම කාරය නවත්වා පාර්සලයක් ‍රැගෙන එන පුද්ගලයාව නිරීක්ශනයට පැය බාගයක සිට අදාල ස්ථානයේ ‍රැක සිටි බුද්ධි නිළධාරියාට අනුව එම පුද්ගලයා පෙර දින අන්තර්ජාලය හරහා මෙම ස්ථානයට නියමිත වෙලාවට පැමිනෙන බවට කරතිබූ රහස් පනිවුඩය ආරක්ශක අංශ අතට පත් කරේ හැකර් නොහොත් කන්ඩායමේ අන්තර්ජාල කටයුතු බාරව සිටි නිළධාරියායි.
ඉන්පසු ඉහල ස්ථානයක නියෝග අනුව මෙම කන්ඩායම ස්ථානගත කෙරුනේ අදාල සිද්ධිය නිරීක්ශනය කොට එම පාර්සලය ඔවුන් අතට පත්කර ගැනීමටයි,
රහස් නමකින් චැට් කරනුලැබූ මෙම සැක කටයුතු පුද්ගලයාගෙන් මාස 3ක පටන්කරනු ලැබූ පරීක්ශනයකට අනුව එම දිනයේ අදාල පාර්සලයත් ‍රැගෙන පැමිනියේ සියළුම දෙනාට රහසිගතව සැක නොසිතෙන ලෙසටයි.

එහෙත් සියුම් ආරක්ශක උපක්‍රම අනුව තීක්ශන බුදිධියක් ඇති උකුසු ඇස් වලින් බේරී තම ඉලක්කය සපුරා ගැනීමට සැකකරුට නොහැකි වෙන්නේ එම මෙහෙයුමට සම්බන්දවුන දක්ශ නිළධාරීන්ගේ හැකියාවන් නිසායි,
ජීවිත හානියකින් තොරව එම පාර්සලය ඔවුන් අතට ඉතාමත්ම සූක්ශමව ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා,


ටෙලිපෝන් කෙල්ල කියලා ආදරේට කියන රිසෙප්සන් ගෑනු ලමයට කොම්පූටර් එකක් සෙට් කරන්නේ වැඩකට නෙමෙයි,
ලොක්ක කියපු නිසා,
ඒකිත් උදේ ඉදන් කරන්නේ ලෝකේ තියෙන හැම චැට් එකකටම සෙට් වෙලා එක එකාව බයිට් කරන එක,
කොහොමහරි අපිට මේකිගේ මේ බිසී මූඩ් එක ඇල්ලුවේ නැති නිසා අපේ බල පරාක්‍රමය අනුව පීසී එක මොනිටර් කරා,
හප්පේ බලන් ඉන්න බැරි පින්තූර,වීඩියෝ කෑලි අතරේ ටෙක්ස්ට් තමයි වැඩිපුර හුවමාරු උනේ,
දන්නෝ දනිති පැකට් ‍ෆිල්ටර් එකකින් බලපුවාම වැට් එකේ තමයි කෙල්ල දවසෙම ඉන්නේ.

අපේ බුද්ධි අංශ වාර්ථා කිසිම කෙනෙක් අතට නොයන බවට තර්ජනය කරලා කොහොමහරි කෙල්ලගෙන් අපි ලන්ච් වෙලාවෙදි විස්තරේ අහගත්තා,

බලං ගියාම එක බුවෙක් මේ කෙල්ලට ඇණයක් වෙලා,
මූ දවසම චැට් එකේ,
දැන කියාගෙන තියෙන්නේ අහම්බෙන්,
මේ කෙලීටත් ඕනේ මූට හොද බයිට් එකක් දෙන්න,
මේවගේ ඒවට බලං ඉන්න අපිට කෙල්ලගේ විස්තරේ කිව්වේ අර චැට් සීන් ලොක්කට කියනව කියලා බය කරලා අහගන්න කොට,


මට බාරවුනේ ටෙම්පරි ඊමේල් එකක් හදාගෙන බුවාට වැඩේ සීරියස් කියලා තේරුම් ගන්න විදියට අන්දන එක,
මේල් සර්වර් එක මගේ පාලනය යටතේ තිබුනේ,
මේල් අයිඩී එකක් හැදුවා පට ගාලා,
දැං අපේ බුද්ධි අංශ නායකයා අළුගුත්තේරුවා වැඩේට බැහැලා,
අරූ එක්ක චැට්,
කෙල්ල වැඩේ අපිට බාරදීලා බලං ඉන්නවා මොකද වෙන්නේ කියලා,
ඒ වෙනකොට අර කෙලී කියලා තිබ්බේ නම මල්කී කියලා,
මේල් එකත් ඒ නමෙන්ම හැදුවා,
ඔන්න චැට් එක මේල් එකට හැරුනා,
මූත් අපරාදේ කියන්නේ හොද කොම්පැනියක බුවෙක්,
(මේ නම දැක්කම ඌනං මතක්වෙයි සීන් එක)
කොහොමහරි අපි ප්ලෑන් කරේ මූට කියලා පීසා එකක් ගෙන්න ගන්න,
මේල් කරලා කරලා ඇතිවෙලා එක දවසක වැඩේ ප්ලෑන් කරා,
අපේ ඇඩ්වර්ටයිසින් ගැන්සිය ලග මීටර් 100 වගේ දුර කථා කරන්න පුළුවං රේඩියෝ සිස්ටම් එකක් තිබුනා..
උං එක එක වැඩ වලට ස්ටේජ් ශෝ වලට මේව යූස් කරා..
අපි රේඩියෝ ටික චෙක් කරන්න වගේ අරගෙන ඒ අංශේ හිටපු ගුරා මල්ලිව බුද්ධි නිළධාරියෙක් කරලා බේස්මන්ට් එකේ තිබ්බා..
නිල් පාට ශර්ට් එකක් ඇදලා බුවා එනන්ං කිව්වා..
මම ඉස්සරහ දොර ලග ඉන්නවා කොම්පූටරයක් බලන්න ඇවිල්ලා වගේ..
අපේ ලීඩර් උඩ තට්‍ටුවේ ඉන්නවා වැඩේ මොනිටර් කරගෙන ලන්ච් රූම් එක වහලා අනික් උන්ට සැක නොහිතෙන විදියට ඔක්කොම විස්තර කියන්නේ ඌ...
මමත් හොරා වගේ ඉන්නවා..
ඉයර් ෆෝන් එක ගහගෙන අහගෙන ඉන්නේ සීන් එක...
ලොක්කා ආවොත් ඔක්කොම සුං නිසා තව එකෙක් ලොක්කගේ කාමරේ පේන මානේ ඉන්නවා ප්‍රින්ටරයක් ගලවගෙන..
මම ඉස්සරහ තිබ්බ පොටෝකොපි මැසිම ඇරගත්තා බැරිම තැන...
මට බාරවෙලා තිබුනේ පාර්සලේ ගත්ත ගමන් ලන්ච් රූම් එකට පැනලා ඔපරේශන් එක ඩන් කියලා මැසේජ් එක දෙන්න...



ගුරා මැසේජ් එක දුන්නා ...
කොල්ලා පඩිපෙල දිගේ ආවා..
දොර ඇරියා රිසෙප්ශන් එකට ආවා..
කෙල්ල පිටමං කරල තිබුනේ මූ එන්න ඉස්සරින්...
අපේ මූනු දැක්කට කෙල්ලට එහෙම හොද නැති නිසා ..
මම පැනලා ඇයි ඇහුවා...
මම හිටියේ ඒකටනේ...
මූ ඇබරෙනවා...
මට දැං පීසා සුවදත්.. එනවා....
මූ ආයිත් මේක අරං ගියොත් මට මුංට පීසා අරං දීලා මාස 6 යනකං බැනුනුත් අහන්න වෙන නිසා මම ඇහුවා කාවහරි හම්බෙන්නද මොකක්ද පනිවිඩේ කියලා...
මූ කියපි මචං මල්කී ඉන්නවද මේ පාර්සල් එක දෙන්න මම සXXය කියලා..
මමත් පැනපු ගමන් උනු උනු පාර්සලේ ගත්තා..
වෝකිටෝකියේ බටන් එක ඔබල තිබ්බේ ඔක්කොටම කියන දේ ඇහෙන්න...
මචං මම යන්නං මේ තව එකක් තියෙනව කියලා සාක්කුවෙන් ඇදපි පත චොකලට් බරුවක්.....
මගේ ඇස් දෙකත් නිලංකාරවෙලා දැං..
කෙල්ලව මූ දැකලත් නෑ අපේ උං ගහපු කාමුක වදන් වලට මූ පූසා වගේ ඇවිල්ලා..
මම විනාඩි 3 ඩීල් එක ක්ලෝස් කරා ආරක්ශක උපදෙස් අනුව..
යන්නං මචං කියලා බුවා හැරෙනකොටම මම බේස්මන්ට් එකේ..
අනික් බුද්ධි නිළධාරීන් ඔක්කොල ලන්ච් රූම් එකේ කට ඇරගෙන ඉන්නවා බඩු එනකං..
අපරාදේ කියන්නේ මූ තඩි පීසා එකයි...
ලීටරේ කොක් එකයි එක්ක චොකලට් බරුවකුත් දීලා කටේ සැර යන්න.
කෑලි 6 ඔක්කොම..
කෙල්ලට පීසා එපා කන්න බයයි මොනවහරි දාලද දන්නේනෑ කිව්වා...
අපි විනාඩි 10 වැඩේ ඉවරකරලා චොක්ලට් එකත් කාලා සුපුරුදු විදියට චැට් එකට සෙට් උනා..
මේ වගේ ගොං වැඩ ආයිත් කරන්න එපා කියලා අම්ම මුත්තා එහෙම මතක් කරලා වැඩේ ක්ලෝස් කරා..
අපි රෑවෙලා යන නිසා ඌ අපිව හෙව්වද දන්නෑ
කොහොමහරි එදායින් පස්සේ ඌ චැට් එකට ආවේ නෑ
බ්ලොග් බලන එකෙක්නං මේ නම දැක්කම ඌට මගේ මාළු කන්න තරහ එන්න ඇති දැං....
වැඩේ ලීඩ් කරපු එකාගේ නම කියන්න ඕනේ නෑනේ.....
හැමදාම වගේ අළුගුත්තේරුවා තමයි මේකත් ප්ලෑන් කරේ....



25 comments:

  1. එල ඔපරේශන් එකක් ! ප්‍රථිපල අති සාර්ථකයි !

    ReplyDelete
  2. වැඩට යන්න ලැස්ති වෙන්නෙ ගිහිල්ලම කියවල බලන්නන් D

    ReplyDelete
  3. හප්පේ ඇන්දිලි ඉවරයක් නැහැ. රාජ් කොලුවත් අන්දපු කතාවක් දාලා තිබ්බේ.. මේව කලාට පව් නැහැ බං... දානයක් දුන්න වගේ..

    ජය ශ්‍රී..!

    ReplyDelete
  4. මේ වගේ සීන් එක්ක තව කවුරු හරි ලියලා තිබ්බා... උබේම කොමෙන්ට් එකකින් හරි මේ සිද්ධිය මම දැකලා තියෙනවා බොල... එහෙම නැත්තං ඔය සෙට් එකේ තව බ්ලොග් කාරයෙක් ඉන්නවද...?

    ReplyDelete
  5. අම්මප මේවට අහුවෙන හරක් තාම ඉන්නවද? හෙහ්...හෙහ්...
    පීට්සා එකේ පිංතුරේ දැකල නම් හීන් බඩගින්නකුත් ආව.

    ReplyDelete
  6. හනේ අම්මප.... කලොත් ඔහොම වැඩක්මයි....

    හයියෝ... අර නිරි සතාට මොනව හිතෙන්න ඇත්ද ඇන්දුනා කියල දැනගත්තම...හික්ස්...

    ReplyDelete
  7. ආයේ ඌ හොයාගෙන අවේ නැද්ද?.මොනවා උනත් කොල්ලෝ පව් නේද?.

    ReplyDelete
  8. අපිත් ඉස්කෝලෙදි කරපු වැඩක් මතක් උනා...හික්ස්..!

    ReplyDelete
  9. මේකේ මහ මොල කාරයා යක්සයා වෙන්න ඕන.. මොනා උනත් පවු අප්පා.. අපේ එකෙක්නේ...

    ReplyDelete
  10. @ Weni - වැඩේ දුන්නා එළට......

    @ Observer - මේ මීට අවුරුදු හත අටකට උඩදී ඔබා මාමේ ..ඌට පිං දිදී කෑවා .....

    @ sAm (සෑම්) - අනේද කියන්නේ බලු කපු‍ටු දානයක් දුන්නා වගේ ....

    @ Mahesh Wickramasinghe - හප්පේ මේක වෙච්ච එකාද දන්නෑ...මමත් මේ සීන්න් එක කියලා කොමෙන්ට් එකක් දැම්මා ඒක වෙන්ටෑ...

    @ ඉන්දික උපශාන්ත - තැන්කූ කිව්වා ...

    @ Miyuru - ඌ චැට් එකට ආවෙත් නෑ..පව් ....

    @ අසරණයා - අපි ටිකක් විමසිල්ලෙන් හිටියේ ..ඌ රිටන් එක දෙයිද කියලා..මොකුත් උනේ නෑ...හික් හික් පව් අහිංසකයා ...

    ඔක්කොටම ස්තූතියි මේ පැත්තට ආවට ...

    ReplyDelete
  11. @ වින්චැට්කිරිල්ලි. - හප්පේ ඒ මොකක්ද...දාන්නකෝ බලන්න පෝස්ට් එකක්....

    @ Dinesh - අහන්නත් දෙයක්ද ඌ තමයි වැඩේ ප්ලෑන් කරේ.....

    ස්තූතියි මේ පැත්තට ආවට ...

    ReplyDelete
  12. එළ මෙහෙයුම ......

    ඔය කියද්දී මතක් වුනේ.. අපේ IT කාරයත් VNC දාගන අනුන්ගෙ COMPUTERS ජයටම MONITOR කරගන යනවා. දවසක් මම මුගෙ කාමරේට ගියාම, පොර මට කථා කලා මෙහෙ වරෙන් මචන් බඩ්ඩක් පෙන්නන්ඩ කියලා.. පොර බොසාගෙ සෙකට්‍රිගෙ COMPUTER එකට ENTER වෙලා. මමත් ටිකක් හොට දාල බැලුව... මොනවද මෙයා ( සෙකට්‍රි ) කරන්නේ කියලා.. මේකී කාත් එක්කද බර චැටක්.. අමුම අමු කුනුහරුප...

    ReplyDelete
  13. ලොක්කා උඹේ බ්ලොග් එකට ඉයේ කොමෙන්ට් කරන්ඩ බැරි තත්වයක් නෙව තිබ්බේ..මොකැ ඒ...මොනා උනත් හොඳම වැඩේ...නියම ගෙමක් දිලා තියෙන්නේ..චික් තව ටිකක් අඳන්ඩ තිබ්බේ මට්ටුවෙලා යන්ඩ..

    ReplyDelete
  14. පව් අප්පා...තමන්ගේම උදවියට ඔහොමත් වැඩ කරනවද? :D

    ReplyDelete
  15. ඔයවගේ නිර්ලෝභී දානපතියන්ගෙන් ගත්තට පව් සිද්ධවෙන්නෙ නෑ.

    ReplyDelete
  16. මෙන්න ආදරුසෙට ගන්නවානම් හොඳ වැඩ...

    ReplyDelete
  17. @ Senna - හප්පේ කියලා වැඩක් නෑ සමහර කෙල්ලෝ ඉන්නේ දහයට ගනින්න බෑ වගේ,කොම්පියුටර් එකේ කරන වැඩ දැක්කම අපිට බලන් ඉන්න ලැජ්ජයි......

    @ Raj - ඔව් මචං පොඩි අවුලක් වෙලා තිබ්බා .දැං හරි, ස්තූතියි ....

    @ Podi Kumarihami - අනේ ඉතිං මේ සං‍තෝසෙට කරපුවනේ .......

    @ රාජ් - වැඩක් නෑ කියලා ..වැඩේ දිගටම කරං යන්න තිබ්බා එක දවසෙන් නැවැත්තුවේ ඌ පව් නිසා....

    @ ලොකු පුතා - හික් හික් ඌ ගැන් එකක් අරං ආවනං කන්න වෙන්නේ පීසා නෙමෙයි .....

    ස්තූතියි මේ පැත්තට ආව ඔක්කොටම......

    ReplyDelete
  18. කතාවේ මුල මට හිතුනේ හෙනම ගේම් එකක් වගේ කියලා.. ඒත් බලාගෙන යනකොට පිසා සින් එකක්නේ... අනේ මන්දා මේවාට අහුවෙන අය නැ කියන්නත් බැනේ

    ReplyDelete
  19. @ දේවා ගේ අඩවිය - මාරම ගේමක් තමයි දුන්නේ...හික් හික් ..ගොඩක් කල් දැන් මේක වෙලා......

    ReplyDelete
  20. සිරාම ගේමක් තමයි දීල තියෙන්නේ... ඇඳුම් ඔක්කොම ගලවලානේ බොල..

    ReplyDelete
  21. @ පැණි දොඩම් - හික් හික් ඒවටනේ ගේම් කියන්නේ .....

    ReplyDelete
  22. හි හි මරු ආ vnc එක ගැන අහලා තිබුනට ඒක පාවිච්චි කරලා නම් නෑ හැබැයි net-top වගේ නමකින් එන software එකක් පාවිච්චි කරලා අපේ ඉස්කෝලේ කොම්පියුටර් ලැබ් එකේ කෙල්ලො හොරෙන් ෆේස්බුක් චැට් කරන එව්වයි බ්ලූ බලන්න යන එව්වයි මිස්ගේ මැෂින් එකට වෙලා මමයි යාළුවෙකුයි බලාගෙන හිටියා මිස් එපා කියනකන් හි හි කෙල්ලෝ දෙකට ගනින්න බෑ වගේ හිටියට හම්මේ බලන්න එපැයි...

    පොඩි කොල්ලොන්ව නම් බය කරලත් තියෙනවා හි හි අයියා මාර ගේම් කාරයෙක්නේ

    ReplyDelete
  23. ඉස්සරලා වැරදි කොමෙන්ට් එක පබ්ලිෂ් උනේ. උදේ ඉඳල මේක කියව කියව හිටියා.. මරු කතා ටික. හැමදාම දැන් මේ පැත්තට එන්න ඔන්න මං රීඩරෙත් දාගත්ත මේක.

    ReplyDelete
  24. කොල්ලුපිටියේ ඔය ඔෆිස් එක තිබ්බේ බැංකුවකට අල්ලපු තැනක්ද? කජු සංස්ථාව ඉස්සරහ?

    ReplyDelete