මාළු මාකට් එකේ පළවෙනි කඩේ අයිති මාළුවගේ තාත්තට,
මාළුවගේ ලොකු අයියා තමයි මාළු කපන්නේ ,
සල්ලි ගන්නේ තාත්තා,
නිවාඩු දවසට මාළුවා තමයි අයියා කපන මාළු පත්තර කොලේ ඔතලා සිලි සිලි බෑග් එකට දාලා දෙන්නේ, හාල් මැස්සන්ට මූදු වැලි ඉහින්න ,
මාළු කපන පිහි හෝදන්න ,
මාළු ලෑල්ල අස් කරන ඒවා තමයි මාළුවගේ ජොබ් එක,
තාත්තා හරිම සැරයි,
ලොකු හිල් හිල් තියෙන සුදු මේස් බැනියම ඇඳලා ,
ෂර්ට් එකේ බොත්තම් නැතුව සාක්කුව පිරෙන්න සල්ලි දාගෙන කඹයක් විතර මහත චේන් එකයි නවරත්න මුද්දයි දාලා තමයි මාළුවගේ තාත්තා ඉන්නේ,
ඉස්කෝලේ නම් ලකුණු කරනකොට වෙන නමක් තිබ්බට ඒ නම කියන්නේ මිස් හරි සර් හරි විතරයි,
අනික් හැමෝටම ඌ මාළුවා,
ටික කාලයක් යනකොට කුණු මාළුවා උනා,
ඉස්කෝලේ ඕනේම කේස් එකකට ඉන්නේ මාළුවා හරි උගේ අයියා හරි තමයි ,
කේස් කිව්වේ ගූ කේස් වලට,
අම්මා බලෙන් ඉස්කෝලේ එව්වට ඉස්කෝලේ ඇරිලා කෙලින්ම මූ යන්නේ මාකට් එකට,
ටික කාලයක් යනකොට තාත්තගේ බිස්නස් එක මාළුවගේ අයියා කරන්න ගත්තා,
තාත්තා ටෝලර් එකක් අරගෙන ඒ බිස්නස් එක අපේ මාළුවට කරගෙන යන්න දුන්නා,
මාළුවා ඉගෙනගන්න ගමන්ම මාළු කොරල් රට යවන සීන් ,
මෝර වරල් , එක එක සීන් පටන් ගත්තා,
කාලයක් යද්දී මාළුවා සෙට් වෙන්නේ ඉස්කෝලේ බිග්මැච් කාලෙට විතරයි,
උගේ බිස්නස් නැගලා ගිහිල්ලා ,
ගේම ගහගෙන ඉන්නවා බං කියලා තමයි කථාව පටන් ගන්නේ,
මාළු ගැන බිස්නස් ගැන කථා කරලා ආයි හම්බෙමු කියලා ගියාට ආයිත් හම්බෙන්නේ අවුරුද්දකින් දෙකකින්,
කාලයත් එක්ක මාළුවව සෙට් උනේම නෑ,
එක එකාගේ ලිස්ට් වලින් ඇවිල්ලා ෆේස්බුකියේ ඉඳලා මාළුවව ඇඩ් කර ගත්තා,
බොහෝම කලාතුරකින් තමයි ඌ ඔන්ලයින් හිටියේ,
මැසේජ් එකක් හරි කොමෙන්ට් එකක් හරි ඉඳලා හිටලා එව්වා,
ඉස්කෝලේ කාලේ කරපුවා , එක එකාට කාඩ් ගහපුවා මතක් කරලා චැට් එකක් එහෙම දාලා යනවා සමහර කාලෙට,
කාලයක් උගෙන් කිසිම ආරංචියක් නැතුව ගියා,
එක එකාගෙන් ආරංචිඋනේ උන්ගේ බිස්නස් එක වැටිලා කියලා,
පස්සේ දවසක ෆෙස්බුකියේ ඉන්නකොට කාලයක්ම දැකපු නැති මාළුවා ඉන්නවා ඔන්ලයින්,
මහ රෑ මමත් කණ සාක්කුවේ දාගෙන මර වෙලා ඉන්න වෙලාවක මූත් එක්ක චැට් කරේ මෙන්න මේ වගේ..
අඩෝ මාළුවා කොහොමද බං..
අඩේ මචං මම ක්‍රිස්මස් අයිලන්ඩ් බං ..
ඒ මොකක්ද බං අළුත් පොට් එකක් ද....
උඹට පිස්සුද බං ගිය සතියේ ආවේ , සෙට් එකම මාට්‍ටු උනා බං...
අපෝ උඹලා චා නේ බං , දවස් ගනං ඉන්නවද බං ඕවට ඇවිල්ලා...
අඩෝ උඹ බීලද බං , මම මේ ඉන්නේ ක්‍රිස්....
හරි හරි බං උඹ එක පාරක් කිව්වනේ , දැං කොහොමද උඹ ඔන්ලයින් ආවේ, මොකක්ද වෙන්න ඕනේ..
මම මෙච්චර වෙලා මේ කට්ට කාගෙන ඔන්ලයින් හිටියේ ගෙදරට පනිවිඩයක් යවන්න බං ,උඹ මේ හු.. කියනවා...
හරි හරි බං මළ පනින්න දෙයක්ද , දැං මොකක්ද අයියට කියන්න ඕනේ..
අයියට නෙමේ ප.....අම්මට පුළුවන්නම් පනිවිඩයක් ඇරපං අපි යහතින් ආවා හෙට අනිද්දට කෝල් එකක් දෙන්නං කියලා, බෝට්‍ටුව උං අල්ලගෙන ගිනි තිබ්බා, තාත්තට ඒක කියන්න එපා කියපං,
අඩෝ කුණු මාළුවා උඹට පිස්සුද බං මේ මහ රෑ බෝට්‍ටු පදින්න,
අනේ මචං පිං සිද්දවෙයි මම මේ ඉන්නේ ඕස්ට්‍රේලියවේ ක්‍රිස්මස් දූපතේ , අයියයි මමයි තව සෙට් එකක් අරගෙන ආවේ,අපි දෙන්නා තාත්තගේ බෝට්‍ටුව අරගෙන ආවේ , අම්මට පනිවිඩේ කියපං , මම පස්සේ ඔන්ලයින් එන්නං, බායි..
වෙරි හිඳුනේ උගේ මේ කථාව දැකලා,
පස්සේ ලංකාවේ එකෙක්ට මහ රෑම කෝල් කරලා මේ විස්තරේ කියලා කිව්වා මාළුවගේ ගෙදරට ගිහිල්ලා අම්මට පනිවිඩේ කියන්න කියලා...
ඊලඟ දවසේ පත්තරේ දැක්කා ලංකාවෙන් යන බෝට්‍ටු අල්ලගෙන ගිණි තියලා කියලා,
ඒ අතරේ මාළුවගේ තාත්තගේ ඩෝරා එකත් තියෙන්නෙ ඇති...
ඊට පස්සේ ඉඳලා අද වෙනකං මාළුවා ඔන් ලයින් ආවේ නෑ...
හෙට අනිද්දට අළුත් පිංතූරයක් එක්කම පෝස්ට් එකක් දානකං බලං ඉන්නේ.....







හප්පා..එතකොට මාලුව කරල තියෙන්නෙ ඒ බිස්නස් එක එහෙනම්.?
ReplyDeleteමටත් පේන්නේ බිස්නස් එක කරලා මූත් පැනලා වගේ...
Deleteහප්පුච්චියෝ....... :0
ReplyDeleteමුලින්ම හිතුනේ විහිළුවක් කියලා අප්පා...
Deleteමාළු?
ReplyDeleteහික් හික් මූ ඇවිල්ලා කුණු මාළු...රත්තරං මාළු නේමේ....
Deleteමාත් දැක්කා.. පහු ගිය ටිකේ හරියට ඔය ඕස්ට්‍රේලියා පනින්න ගිය නිවුස්.. මාලුවගෙ අළුත්ම බිස්නස් එක ඒකයි එහෙනම්..
ReplyDeleteමචන් ඩෝරා තියෙන්නෙ නේවි එකේ නේද ? ධීවරයන්ටත් තියනවද ඒවා.. ? සිරාවටම නොදන්න නිසා ඇහුවෙ.
මචං ඇත්තටම මට හරි නම මතක නෑ..තඩි බෝට්‍ටු ජාතියක් , මාසගනං ඉන්නවා මූදේ ඒවයේ ගිහිල්ලා,අයිස් දාලා මාළු තියා ගන්න පුළුවං ටැංකි තියෙනවා යට තට්‍ටුවේ,නේවි එකෙන් මාව අල්ලගනියිද...ස්තූතියි මේ පැත්තේ ආවට..
Deleteමම හිතන්නෙ උඹ කියන්නෙ ට්‍රෝලර් වෙන්ඩ ඇති.. මමත් ඕවා ගැන එච්චර දන්නෑ බන්..
Deleteමගුලක් කතා කරනවා, ස්තූතියිලු... මේ පෝස්ට් එකක දන්නෙ කවදද කියල බල බල හිටියේ..
අන්න හරි මචෝ ටෝලර්..මතක් උනේම නෑනේ.....තෑන්ක්ස් කිව්වා....
Deleteතාම මාලුවට ක්‍රිස්මද :) නැත්නම් බුවා ලංකාවට ඇවිත්ද ??
ReplyDeleteසති 2කින් වගේ නිව්ස් එකක් නෑ...මොන ගේමක් හරි ගහලා ඕකා ඉඳියි....
Deleteපිස්සු හැදෙනවනේ..... යහතින් ඉන්න එකම ලොකු දෙයක්.කොහොම ඔන්ලයින් අවද දන්නෑ ඔහොම සෙට් වෙලා ඉද්දි
ReplyDeleteඒකතමා හිතාගන්න බැරි...
Deleteඇඩෙනවා අප්පා මෙහෙම සීන් උනාම නම්. පවු මිනිහ.
ReplyDeleteමොකක්හරි ගේමක් ගහලා මු පනියි ඔතනින්,හෙට අනිද්දම මචන් මම මෙල්බන් ආවා කියයි...
Deleteදැන් තාම මාළුවා ඉන්නේ එහේද.. මරු වෙලාවේ මාළුවා පනිවිඩ කියලා තියෙන්නේ
ReplyDeleteහික් හික් තාම නිව්ස් එකක් නෑ අප්පා.....
Deleteඋඹනෙ ටියුබ් ලයිට් වෙලා තියෙන්නෙ. ලංකාවෙ ආශ්චර්ය උහුලගන්න බෑ බං මිනිස්සුන්‍ට. ඒකයි රට යන්න හදන්නෙ.
ReplyDeleteඒකතමා...හැබැයි තාම නිව්ස් එකක් නෑ උගෙන්,,,
Deleteකාලෙකට පස්සෙ නේද? පව් අප්පා යාලුවා...
ReplyDeleteකාලෙකින් ආවේ...ක්‍රිස්මස් දූපතේ හිටියේ..හික් හික් දැන් ඉන්නේ මෙල්බන්...
Deleteබිස්නස් එකට කලානම් අහුවුනත් පොර ගොඩනෙ..
ReplyDeleteඒක තමා මූ කොහොම ගියාද කියලා ආරංචියක් නෑ...
Deleteමොගෙඩ ගොනාට එගොඩ කොල පාටයිලු!
ReplyDeleteතණ කොළවත් නෑ මගේ හිතේ, අම්බානක කනවද දන්නෑ....
Deleteදේශ ගවේෂණය . මාළුවාට දොස් කියන්නත් බැහැ. මුහුදේ මායිම් නැහැනේ මාළුවන්ට
ReplyDeleteඒකතමා මූ වෙන්න ඇති බෝට්‍ටුව පදින්න ඇත්තේ...
Deleteබෝට්ටුවට කෙලවුනා කියමුකෝ. ඔක්කොමත් හරි මු කොහෙන්ද ඔන්ලයින් ආවේ ඔය ක්‍රිස්මස් මැද්දේ?
ReplyDeleteඒක තමා විස්වාස කරන්න බැරි සීන් එක....තාම ආරංචියක් නෑ මොනවා උනාද කියලා...
Deleteබෝට්ටුව නැති උනත් මිනිහා ගොඩ ගිහින් වගේ
ReplyDeleteතාම හරි ආරංචියක් නෑ....
DeleteRead this:
ReplyDeletehttp://www.smh.com.au/opinion/political-news/sent-home-to-arrest-torture-20120723-22kur.html
.
මාලුවගෙන් ආරංචියක් නැද්ද?
ReplyDeleteතාම ආරංචියක් නෑ නේ ...මූවත් බෝට්‍ටුවටම දාලා ගිනිතියලද දන්නෑ....
Deleteමාර බුවෙක්නේ තාම විස්තරයක් නැද්ද?
ReplyDeleteහරි ආරංචියක් නෑ තාම....
Deleteඅයියෝ....මාළුවා.
ReplyDeleteපවු අසරණ මනුස්සයා.....
මොකක්හරි ගේමක් ගහලා ඕකා පනියි....
Deleteමාර වැඩේ මමත් මේ නිව්ස් එක දැක්කා.
ReplyDeleteඋඹලගේ ජනාධිපති අන්ත්‍රාවෙලා කියලා නිව්ස් එකක් දැක්කා..මළගෙදර ගියොත් මගේ නමත් ලියලා මල් වඩමක් තියපං මචං....
Deleteඔව් ඔව් මේ දවස් වල ඇඩු කඳුලින් ඉන්නේ
Deleteමාලුවා ඔන් ලයින් ආපු එක තමයි මටත් පුදුමෙ. මොකද දැන් ඒකා රැඳවියෙක්නෙ.
ReplyDeletehenryblogwalker the Dude
මූ අල්ලගත්ත පොලිස් රාළහාමිගේ ෆෝන් එකෙන්වත් ඔන්ලයින් ආවද කියලා විස්වාසකරන්න බැරි එකෙක්...
Delete