මුල් පි‍ටුව

Wednesday, September 26, 2012

දොස්තර දෙවිවරු...

අගෝස්තු නිවාඩුවට ගෙදර ගියේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන..
ඉස්කෝලේ නිවාඩු  නිසා ගෙදර ඉක්කොමලා ට්‍රිප් එකක් යන්න හිතාගෙන හිටියේ.
සෙල්ලං ගෙවල් දාන්න..බීච් යන්න වැඩ ගොඩක් තියෙනවනේ පොඩි උන් එක්ක කරන්න.
අපේ රාජ් ටත් කෝල් කරා ලංකාවට ගියපු ගමන් එන්නං පොත් ටිකකුත් අරගෙන කියලා.

සති තුනයි නිවාඩුව තිබුනේ.
අන්තිම සතියේ ඔක්කොම වැඩ ටික දාගෙන මුල් සති දෙකේ පොඩි උන් දෙන්නා එක්ක සෙල්ලං කර කර හිටියා..
ඉස්කෝලෙත් පටන් ගන්න ලඟ නිසා ලඟ පාත කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා එන්න හිතං ඉන්නකොට යාළුවෝ වගයක් සෙට් වෙලා පොඩි උන් එක්ක කැළනියේ වෝට වල්ඩ් එක බලන්න යන්න.
උන් එක්කම ගියා දවසම ඇවිදලා ගෙදර ආවා..
ඊලඟ දවසේ තව යාළුවෙක්ගේ ගෙදර පොඩි පාටියක්.
නිවුන් දරු දෙන්නෙක් හම්බෙලා හිතවත්ම යාළුවෙක්ට.
ඒ දෙන්නගේ උපන්දින පාටිය.නොගිහිල්ලම බැරි නිසා කට්ටියම ගියා රෑ කෑමට...
ඔක්කොම පොඩි හිටියෝ නිසා පොඩි අයගේ කෑම තමයි තිබුනේ..
වැඩිහිටියොත් සැර බීම මොකුත් නෑ බත් එහෙම කාලා රෑ 10-11 වෙනකොට කට්ටියම විසිරුනා...
ඊලඟ දවසේ උදේ පොඩිම දුවට බඩේ අමාරුවක් වගේ..ඇඟට හරි නෑ කිව්වා..
වයස අවුරුදු 3,
ලොකු එක්කෙනාට අවුරුදු 9.
උදෙන්ම ගිහිල්ලා දෙන්නටම බේත් ගෙනාවා...
හවස් වෙනකොටත් අඩු නෑ...
ආයිත් ගියා ඩොක්ටර් ලඟට...
බයවෙන්න එපා කියලා බේත් දීලා එව්වා..
රෑට කාලා නිදාගත්තට දෙන්නටම උණ නිසා අපි සෙවිල්ලෙන් හිටියේ....
11ට වගේ පොඩි එක්කෙනා වමනේ දාන්න ගත්තා ආයිමත්.
ටික වෙලාවක් යනකොට ඇඟ ඔක්කොම කහ පාට වෙලා තොල් එහෙම වේලිලා..
අපිට තේරුනා අමාරුයි වගේ...
එහා ගෙදර නැන්දට කාථා කරාම කිව්වා ඉක්මනට යමු ඉස්පිරිතාලෙට කියලා..
විනාඩි 10ට මම පොඩි එක්කෙනා අරගෙන පානදුරේ ඉස්පිරිතාලෙට ගියා.
ගියපු ගමන් ළමා වාට්‍ටුවට ඇඩ්මිට් කරා...
දෙයියෙක් වගේ හිටපු දොස්තර මහත්තා මුලින්ම බැන්නා ඇයි මෙච්චර වෙලා තියාගෙන හිටියේ තව පැයක් පරක්කු උනානං වැඩක් නෑ කියලා...
ඒ වෙනකොටත් කෑම විස වෙච්ච විෂබීජය නිසා වමනේ , බඩ එළිය එක්ක ඇඟේ ශක්තිය ඔක්කොම ගිහිල්ලා වේලිලා කිව්වා..
සේලයින් ගහන්න නහරයක්වත් පේන්නේ නෑ...
බොහොම අමාරුවෙන් කරුනාවන්ත නර්ස් නෝනලා දෙන්නෙකුත් එකතුවෙලා සේලයින් එකක් ගහලා බේත් ටික දුන්නා වෙලාවට...
ලොකු එක්කෙනත් වමනේ දානවා කියලා වයිෆ්ගේ අම්මා කෝල් කරා ඒ අතරෙම...
මම දුවලා ගිහිල්ලා එයාවත් අරගෙන ඇවිල්ලා ඒ වාට්‍ටුවෙම නතර කරා..
සතියක් තිස්සේ සේලයින්, ජීවනී එක්ක තව තව බේත් දීලා දෙන්නව හොඳ කරගත්තා...
ආපු දවසේ ඉඳලා ඒ වාට්‍ටුව බාරව හිටපු දොස්තර නෝනයි මහත්තයයි ළමා වාට්‍ටුවෙ හැම තැනම ඇවිද ඇවිද ළමයින්ගේ දුක සැප බල බල බෙහෙත් කරේ රෑ දවාලක් නැතුව...
බ්‍රහස්පතින්දා මට යන්න ටිකට් එක එවලා තිබ්බා කොම්පැනියෙන්...
මැනේජරයට මේල් ගහලා යන්තන් ඉරිදා වෙනකන් නිවාඩුව දික් කර ගත්තා...
සෙනසුරාදා පොඩි දෙන්නවම ටිකට් කපලා ගෙදර ගෙනාවා...
අපි එන වෙලාවෙත් දොස්තර මහත්තයා කිව්වේ ආපු හැටියට මෙහෙම යන්නේ පුදුම වෙලාවක් කියලා..
ගොඩක්ම ෆ්‍රයිඩ් රයිස් රෑ වෙනකං තිබුනම ඒවට දාන සෝස්,ඔයිල් එක්ක හැදෙනවලු විෂබීජයක්.
ඒකලු ගොඩක් පොඩි ළමයින්ට හැදෙන්නේ..
ඒක දරුනුම විදියට තමයි අපේ දෙන්නට හැදිලා තියෙන්නේ...
බෙහෙත් වලින් දොස්තර මහත්තුරුන්ගේ නර්ස් නෝනලගේ කරුනාවෙන් ඉක්මනටම අපි සනීප කරගත්තා...

රාජ් උඹ තරහා නෑ නේද එන්න බැරි උනාට..
මම ඉරිදා රෑ ආවා මචං...
නිවාඩුව හීනෙකින්වත් හිතපු නැති විදියට උවර උනා...
තාමත් හරියට නින්දක් නෑ සැරින් සැරේ ඇහැරෙනවා එදා ඉස්පිරිතාලෙට ගියපු හැටි මතක් වෙලා...

මේ ලිපිය පානදුර මූලික රෝහලේ 5, ළමා වාට්‍ටුවේ සැම දෙනාටම උපාහරයක් වේවා....

53 comments:

  1. ඔව්... වර්ජනය කරනකොට ජනතාව දොස්තර මහත්තුරුන්ට නෝනලට හෙද හෙදියන්ට බැන්නට එයාලා කරන සේවයට මුදල් ගෙවලා මදි... වැඩ කරන්න වෙලාවක් කලාවක් නෑ නේ... මුලු ජීවිතේම අනුන්ගේ ජීවිත බේරන්නනේ කැප කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ කරන කැපකිරීම පඩිය නිසා කරන දෙයක් නෙමෙයි තමන්ගෙම ලමයින්ට සලකනවා වගේ සලකන්නේ...පුදුම හිතුනා...

      Delete
  2. මේවගේ දොස්තරලා අදහන්න වටිනවා. ලෙඩ්ඩුන්ට තමන්ගේම අය වගේ සලකාගෙන බෙහෙත් කරන අය ඉස්පිරිතාල වල අද හරි අඩුයි. දැන් ඉන්නේ ඇඟේ හැප්පුනත් ස්ට්‍රයික් කරන, ළමයින්ගේ ඇඟිලි කපන, වැරදි බෙහෙත් දෙන ඩොක්ටර්ලා නර්ස්ලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම අයත් ඉන්නවා කියන්න මේ ලිව්වේ...නම ගන නං අහගන්න බැරි උනා, ලබන නිවාඩුවට ගිහිල්ලා විස්තර දැනගන්න ඕනේ...

      Delete
  3. උඹ එක සැරයක් නිවාඩු ගිහින් මේ ලඟදි නේද ආවෙ ? ආයෙත් ගියාද ?

    සමහර දොස්තරල නම් දෙවිවරුම තමා.. ඒත් සමහරු.. සල්ලි නොදැක්කොත් මැරුනත් හැරිලා බලන්නෑ..

    ReplyDelete
    Replies
    1. අගෝස්තු ගියේ මචං. ඊට ඉස්සෙල්ලා අප්‍රේල් ගිහිල්ලා ආවා..

      සමහර දොස්තරලා එහෙම උනාට මේ කට්ටියනං දෙවිවරු වගේ පිහිට උනා මචං...

      Delete
  4. දෙවිවරු වගේ දොස්තරලාත් ඉන්නවා. ඒ අතර හොරුත් නැතුවම නෙමේ. :)

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත....එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කරාම ඒක හැමෝගෙම පිටින් යන්නේ....

      Delete
    2. ඇත්ත කථාව මධුරංග.. නිවාඩුව සතුටෙන් ගත කරන්න හම්බුනනේ කොහොම හරි..

      ජය වේවා..

      Delete
    3. අන්තිම දවස්ටික ගෙවුනේ ලොකු ගින්දරකින්....

      Delete
  5. දොස්තරලා දෙවිවරු නෙවෙයි.100න් 95ක් හොඳ කරොත් 5ක් හොඳ කරන්න බැරිවෙනවා මොකක් හරි හේතුවකට.හැබැයි මිනිස්සු මතක් කරන්නේ ඉතුරු 5 ගැන විතරයි.මං දැක්කා ලඟදි 'මක බෑවිලා යන්න ඕන' 'හෙන ගහන්න ඕන' කිය කිය මිනිස්සු බැනලා තිබ්බා කොහේ හරි.සමහරවිට ලක්ෂ ගානක් ඒ මනුස්සයා හොඳ කරන්න ඇති.ඔය මිනිහගේ අතින් වෙච්ච පලවෙනි වැරැද්ද වෙන්න ඇති.හැබැයි මිනිස්සුන්ට අර දාස් ගානම අමතකයි.අර එක මතකයි.වෛද්‍යවරු දෙවිවරු නෙවෙයි.සාමාන්‍ය මිනිස්සු! කවමදාවත් මොන සල්ලි වලට කෑදරකම් තිබ්බත් මිනිහෙක්ට මැරෙන්න දීලා බලන් ඉන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. අපි දෙයියෙක් කියන්නේ අර පංසලේ බුදු මැදුරේ බුදු හාමුදුරුවෝ වටේ ඉන්න දිව්ය සලු පිලි ඇඳ ගත්ත අහසින් යන අයට විතරක්ම නෙමෙයි, සාමාන්‍ය බාසාවෙන් උතුම් ගුණ ධර්ම තියෙන මනුස්සයෙක් කියන අදහසයි මෙතන මම කිව්වේ...

      Delete
    2. නැහැ මං මෙතනදි දෙවිවරු නෙවී කියන්න උත්සහ කලේ දොස්තරවරුන්ට උනත් 100%ක් මිනිසුන්ව ගොඩගන්න බැහැ කියන අර්ථය සලකලා.(100%ක් ගොඩගන්න පුලුවන් නම් ඔහු දෙවියෙක් විය යුතුයි කියන මතයේ ඉඳන්) අපේ මිනිස්සු හිතන් ඉන්නෙ දොස්තරලා දෙවිවරු කියලා ( යන හැමෝවම හොඳ කරලා එවන්න ඕන කියලා)

      Delete
  6. දොස්තර වරු වගේම අනිත් සේවාවන් වලටත් අපි බැන්නාට ඒවත් මේ වගේම තමා.

    ReplyDelete
  7. කනගාටුයි වෙච්ච දේට . පොඩි දෙන්න සනීපෙන් නම් එච්චරයි .සැහෙන්න බය වෙන්න ඇති . අඩු පාඩු තිබුනත් දොස්තරලා නැත්නම් ඉතින් කා ගාවට යන්නද . පොඩි අයට ලෙඩක් හැදුනම ඉතින් අපි කොයිතරම් බය වෙනවද .

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා බය උනා නොසෑහෙන්න..දැං නං හොඳයි..තාම කෑමෙන් පරිස්සං කරනවා.....නොහිතපු විදියට නිවාඩුව ගෙවිලා ගියා.....ආයිමත් අප්‍රේල් අවුරුද්දට තමයි යන්න වෙන්නේ....

      Delete
  8. ලෙඩෙක් ගියාම තමන්ගේ කෙනෙක් කියලා සලකන ගොඩක් දොස්තර මහත්තුරු ඉන්නවා. ඒ අතර තවත් කට්ටියක් ඉන්නවා. ඒ අය හිතන්නෙ තවත් එක ලෙඩෙක් (කස්ටමර් කෙනෙක්) විතරයි කියලා. අන්න උන් හින්දා අර 95%ක්ම හොඳ අය කරන සේවය යට යනවා.
    ස්ට්‍රයික් ගත්තත් එහෙමයි. මිනිස්සු පීඩාවට පත් කරන්න ගොඩක් අය අකමැති උනත්, පාට කන්නාඩි දාගත්තු අනිකට හෙන ගැහුවත් තමන්ට හරියනවනම් කියලා හිතාගත්තු කීප දෙනෙක්ගේ උවමනා වලට දෙවි වරුන්ගේ සේවය යට ගිහින්.

    දැන් පොඩ්ඩෝ දෙන්නා ආයෙත් සද්දෙ දාගෙන ගේ දෙවනත් කරනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැං ආයිත් පුරුදු සද්දේ පටං අරං ලු.....

      Delete
  9. පැටව් දෙන්නට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව පතනවා ...!

    දෝස්තරලා, දොස්තර නෝනලා වැඩි දෙනෙක් දෙවිවරුම තමයි, මලේ. ඒ අතරේ බෙහෙත් ගන්න එන කෙල්ලො දූෂණය කරලා හතරවෙනි තට්‍ටුවෙන් එලියට විසි කරන්න පුලුවන් යක්කු එකෙක් දෙන්නෙකුටත් දොස්තර සහතිකේ ලැබිලා තියෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එකෙක් දෙන්නෙක් නිසා හැමෝම ගැන බලන්නේ වපර ඇහින්..දැං නං දෙන්නටම සනීපයි.....

      Delete
  10. සත්තු වගේ මිනිස්සු අතරේ හිත හොඳ දෙවිවරුත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම අඩුයි දැං මනුස්සකම් තියෙන අය දකින්න....

      Delete
  11. දරුවෙකුට අසනීපයක් උනාම අනිත් හැම දේටම වඩා වැදගත් වෙන්නේ දරුවාව සුව කර ගැනීමනෙ. කොහොම හරි පරක්කු නොකර ඉස්පිරිතාලයේ අරන් ගිය එක හොඳයි. අර රාජ් කියන යාළුවා තරහා වෙන එකක් නෑ නාවට. දරුවගෙ අසනීපය නිසා.

    ඉඳලා ඉඳලා දරුමල්ලෝ ලඟට ගියාම ආපහු එන්න හිතෙනවද අප්පා ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රාජ් තරහා නෑ...ගෙදර ගියාම නිවාඩු ඉවර වෙලා එනකොට තමයි දුක වැඩි...මාස 6න් 6ට යන එන නිසා තරමක් දුක අඩුයි....

      Delete
  12. දොස්තරලා සහ නර්ස්ලා බහුතරයක් මේ වගේ හොඳ අය.. අතරින් පතර ඉන්න නරක අය නිසා හොඳ අයගේ හොඳ වත් ඇගයීමක් කරන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත....මුලින්ම ගිය ගමන්ම මටත් හිතුනේ එහෙමයි..පස්සේ ඒ අය කරපු සේවය දැකලා පැහැදුනා...

      Delete
  13. උබ කරපු ලොකුම වරද...

    //පොඩි උන් එක්ක කැළනියේ වෝට වල්ඩ් එක බලන්න යන්න.//

    ඇයි බං මට නොකීවේ.. කෑම බීම අපෙ ගෙදරින් සෙට් කරනවනේ..

    ReplyDelete
    Replies
    1. උඹව මතක් උනා..කරදර කරන්න හිතුවේ නෑ මචං....20 විතර ආවා කස්ටිය...

      Delete
  14. දොස්තර මහත්වරු ගොඩාක් හොදයි,ඇත්තටම දෙයියෝ වගේ අය ගොඩාක් ඉන්නවා.ඒ අතරේ යක්කු වගේ අයත් ඉන්නවා.දොස්තර නෝනලා ගැන නම් මගේ එච්චර හොද පැහැදීමක් නෑ,හැබැයි හොද අය නෑ කියලා කියන්නෙත් නෑ :)

    ReplyDelete
    Replies
    1. මෙතනනං හැමෝම එක වගේ....හරියට මහන්සි වෙනවා පොඩි ළමයි වෙනුවෙන්....

      Delete
  15. අම්මෝ ඒක තමයි මෙයා පේන්න නොහිටියේ මේ දවස්වල. දොස්තරලගේ උදව්වෙන් පොඩි අය සනීප උන එකනම් ලොකු දෙයක්. ඔහොම හොඳ දොස්තරලත් ඉන්නවා තමා.

    ReplyDelete
    Replies
    1. ගිය අප්‍රේල් වලත් නිවාඩු නිසා මේ පාර හම්බුනේ සති3 , මාර ඉක්මනටම ගෙවිලා ගියා..මේ කරදරත් එක්ක දුකෙන් ආයි ආවේ...ලබන අප්‍රේල් වෙනකං ඉන්න වෙනවා....

      Delete
  16. ලෝකයේ අනිත් රටවල් වල වගේ නෙමෙයි අපේ රටේ දොස්තරලා කියන්නේ දෙවිවරු වගේ තමයි!ඒ තියෙන ගෞරවයත් ලෙඩකට බෙහෙත් කිරීමේදී ගොඩක් වැදගත්!
    හැමදේම හොඳින් විසඳුන ඒක ගැන ගොඩක් සතුටුයි!ඒක තමයි පහුගීය කාලේ පේන්නේ හිටියේ නැත්තේ!

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා පහුගිය සති 3 - 4 ම මේ වැඩ එක්ක පේන්න නැතුව හිටියේ....

      Delete
  17. හුට්ටපරේ අදයි බං බ්ලොග් එක දැක්කේ සමාවෙයන් කොමෙන්ටුවක් දාන්න පරක්කු උනාට පිස්සු කෙලින්න එපා බං මං මොකටද තරහා වෙන්නේ යකෝ ඔක්කොටම වැඩිය ලොකුයි දරුවෝ...අනිත් මොනදේ කරන්නත් කලින් දරුවෝ ගැන බලන්න ඔනි දෙයියන්නේ පිහිටෙන් දැන් දෙන්නම සුවෙන්නේ නේද ජය

    ReplyDelete
    Replies
    1. දැං දෙන්නටම හොඳයි මචං...දෙයියනේ කියලා ඉස්කෝලෙ යනවා දැං....ඉතිං වැඩේ කොහොමද නැගලා යනවද..පොත් ගත්තද....

      Delete
    2. මචං වැඩ ටික කරගෙන යනව දැනට පොත් 350 විතර ලැබිලා තියෙන්නේ විස්තර ගැන කියල ඉදිරියේ ලිපියක් දාන්නම්

      Delete
  18. වෙලා තියෙන දේවල් ගැන කනගාටුයි, පැටව් දෙන්න දැන් හොදින් ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. දැං දෙයියනේ කියලා හොඳයි.....ස්තූතියි මේ පැත්තේ ආවට...

      Delete
  19. රජයේ රෝහල් ගැන මටත් හොද අත්දැකීමක් තියෙනව.
    ඇත්තටම ඔවුන් දෙවිවරු තමයි.අනිත් නිවාඩුවේදී තලබලයක් වෙන්නැතුව සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ඒකතමයි අනික් නිවාඩුවේ කලබලයක් නැතුව ඉන්න කියලා මමත් ප්‍රාර්ථනා කරන්නේ..ලෙඩ දුක් කියලා එන්නේ නෑ නේ...ඉතින් සං‍තෝසයි මේ පැත්තේ ආවට...

      Delete
  20. දොස්තරවරු කියන්නේ අපේ ජීවිත වලට ආලෝකය ගේන දෙවිවරු..ඉපදුන මොහොතේ ඉදන් මිය යන තුරාවට ඔවුන්ගෙන් ලැබෙන සේවාව මිල මුදල් වලින් නිමකරන්න බෑ..මගේ හාර්ට් එකේ ඇතිවුන ව්‍යාකුල තත්වයක් හින්දා මාත් මීට අවුරුදු කිපයකට කලින් මානසිකව සෑහෙන්න වැටිලා හිටියා..දොස්තරවරු නොවන්නට මම ඒ ගැන හිතලම ලෙඩ වෙලා...පොඩි අය ඉක්මනින් සුවපත් උන එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ටික දෙනෙක් කරන නරක වැඩ නිසා මේ හැමෝ ගැනම හිතෙන්නේ වැරදියට...

      Delete
  21. ඔය කොහොම කිව්වත් පොඩ්ඩක් ඇත්නම් දොස්තර සංහතියටම සාප කරලනේ නතර වෙන්නේ සමහර අය. අපේ අයියා වැඩ කරන ඉස්පිරිතාලේ ගෑනු කෙනෙක්ට බබෙක් හම්බ වෙන්න ඉදලා. කොහොමහරි හෙන ගේමක් දීල ලමයව බේරගන්න බැරිවෙලා. කොහොමහරි ගෑනු එක්කෙනාව බෙර අරගෙන. අන්තිමට එයා කිව්වේ මොකක්ද? හවස කිව්වලු ලේ යනවා කියලා දොස්තර බැලුවේ නැතිලු. තව පොඩ්ඩෙන් අයියට හිරේ යන්නත් වෙනවා. වෙලාවට නර්ස් නෝනලා දෙන්නෙක් හවස බලල තිබුනා.අයියත් බලල. ඒ වෙලාවේ අව්ලක් තිබිල නෑ. නර්ස් නෝනලා දෙන්නගේ කට උත්තරේ හින්ද යන්තම් බේරුනේ. ඔන්න ඔහොම තමයි සමහරු. :(

    ReplyDelete
    Replies
    1. දෙයියෝ හරි හොඳ දෙයක් කරනකං විතරයි නේ අපේ මිනිසුන්ට..පොඩ්ඩ වැරදිච්ච ගමන් දෙයිය යකා වෙනවා.....

      Delete
  22. නරක මිනිසුන් අතර හොඳ මිනිසුන්ද කොහේ හෝ සිටී..

    ReplyDelete
  23. හිපොක්‍රටිස්ට දැකලා සතුටු වෙන්න පුලුවන් මට්ටමේ දොස්තරලා නැත්තේද නොවේ

    ReplyDelete
    Replies
    1. ඉන්නවා තාම ටික දෙනෙක්....

      Delete
  24. දැන් දෙන්නම සනීපෙන් නේද අයියා... ළමයෙක්ට අසනීපයක්‌ හැදුනම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කොච්චර වද වෙනවද කියන එක , අපේ අම්ම මට හෙම්බිරිස්සාවක් හැදුනම කරන සාත්තු සප්පායම් වලින් මම තාමත් අත් විඳිනවා....

    ReplyDelete
    Replies
    1. දැන් නං ඉන්නවලු පුරුදු විදියට...ගෙදර ගෙනැල්ලා ඊලඟ දවසෙම මම ආවනේ....

      Delete
  25. පොස්ට් එක කියවද්දී ගොඩාක් පරක්කු වෙලා. දැන් දෙන්න වෙනද වගේම දඟල දඟල ඉස්කෝලේ යනවා ඇති නේ..

    ReplyDelete