මුල් පි‍ටුව

Wednesday, October 10, 2012

ගුණේ අයියගේ චාටර් කථා - ගෑනු

ගුණේ අයියාගේ සෙන්සර් සීන් එකෙන් පස්සේ වැඩිය ඒ පැත්තේ ගියේ නෑ...
අපේ ගෙවල් ලඟ ඉඳලා ගෙවල් 4-5 දුරින් තමයි ගුණේ අයියගේ ගේ තියෙන්නේ....
පොඩි උන් එක්ක සෙල්ලං කරලා හවස මිදුලේ ඉන්නකොට මෙන්න එනවා ගුණේ අයියා..
මල්ලී අද අපේ ගෙදර පොඩි පාටියක් කට්ටියම එන්න කියලා පොර ගියා....
එතකොටත් හවස 5ට වගේ..
ගෙනියන්න දෙයක් ගන්න ටවුමට යන්නත් ඕනේ කම්මැලියි..
මොනවා කරන්නද 6 වෙද්දී තෑග්ගකුත් අරගෙන ආවේ 7-8 වෙද්දී කාලා ගෙදර එන්න...
පොඩි දෙන්නවත් අන්දගෙන අපි දෙන්නා පල්ලම බැස්සේ කාලා ඉක්මනට එන්න හිතාගෙන..
යනකොටම කිව්වේ අයියා කියන ඒවට හිනා වෙන්න එපා පොඩි දෙන්නත් ඒවා බලාගෙන ඇද කරනවා කියලා..
මම කට තද කරගෙන ගියේ අද මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගෙන..
යනකොටම ඇහෙනවා වීදුරු වදින සද්දේ...
ගුණේ  අයියත් රට ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මම යන්න සති දෙක තුනකට කලිං..
ඒක නිසා තාම පාටී ඉවර නෑ....
ගේ ඇතුලට යනකොටම ආ මල්ලී එන්න එන්න මේ පැත්තට කියලා ඇදගෙන ගියේ රවුං මේසේ ලඟට...
ඒ වෙනකොටත් කට්ටිය රතු ඉරේ..
හෙමීට වැඩේ යන අතරේ ගුණේ අයියා කටාර් රාජ්ජේ ගැන විස්තර කියවන්න ගත්තා..
පොරගේ යාළුවෝ සෙට් එක තමයි වටේ ඉන්නේ..
කාපුවා බීපුවා තමයි ඉතින් කියවන්නේ...
ගෑනු පරාන ගැනත් කියවෙනවා ඇහුනා ලාවට..ගුණයා මනමාලයා...
හෙමීට ෂේප් වෙලා කන්න යමු කියලා ආවා ගේ ඇතුලට...
පොඩි උන් කාලා ඒ  වෙනකොට..

ටකස් ගාලා බත් ටික කන්න මේසෙට එක්කං ගියේ හාමිනේ..
අපි ඉක්මනට යන්න නේ ආවේ කියලා ඇදගෙන ගියා කන්න....
ඒ යනකොට ගුණේ අක්කගේ යාළුවෝ අර එළියේ මේසේ වටේ ඉන්න කස්ටියගේ ගෙවල් වල ගෑනු කස්ටිය එහෙම කන්න වාඩිවෙලා...
බත් ටික බෙදාගෙන කන්න වාඩිවෙනකොට ගුණේ අයියා පාත් උනේ එතනට බයිට් ගෙනියන්න ආපු ගමන්...
මේ අපේ කොල්ලෙක්නේ කාපං කාපං කියලා මගේ පිට අත ගානවා..
පොර ඒ වෙනකොටත් රතු ඉර පැනලා...
ඇවිදින්නෙත් ඇදේට....
මම මූන හංගගෙන හා හා කියලා බත් ටික බඩට දාගෙන අයිස් ක්‍රීම් එකකුත් බෙදාගෙන සාලෙට ආවා...
දැං සාලේ පිරෙන්න කස්ටිය..
සමහරු ටීවී බලනවා...අනික් කට්ටිය බර කථාවල....
ගුණේ අයියත් මැද්දට පැනලා ටෝක් දෙනවා...
ගෑනු තමයි ගෑනු මේ බලන්න අපේ එක්කෙනා කියලා ගුණේ අක්කවත් ඔරොප්පු කරලා පොර හෙන ටෝක් දෙනවා...
මගෙත් බොක්ක රත් වෙලා මූ මොනවා කියයිද දන්නේ නෑ නේ...
අපි ඉතිං දුක් මහන්සීවෙලා රට රාජ්ජේ ගිහිල්ලා ඩෙසර්ට් එකේ දුක් විඳලා එන්නේ මේ වගේ සං‍තෝස වෙන්න නේ අරක මේක....
නේද මල්ලී කියලා මාවත් ගාවගන්න සෙට් වෙන්නේ කථාවට.....
මමත් ආ..ඔව් ඔව් කියලා ෂේප් උනා...

මෙහේ වගේද අප්පා එහේනේ ලස්සන ගෑනු... කොහොමද බණඩාර මල්ලී එහෙ ගෑනූ ඈ...

කියලා මූ මගේ දිහා බලපී..
ආ...නෑ නෑ කියනවා මතකයි හීනෙන් වගේ...
කන් දෙකත් එක්කම කීං ගාලා සීතල උනා වගේ දැනුනා.....
අපි යං නේද කියලා හාමිනේ මාවත් ඇදගෙන පාරට බැස්සා...

ඔය කියවෙන්න දෙකක් දාගත්තම මට කිව්වේ එහේ ගෑනු නෑ කියලා නේද...

ඔව් ඔව් අනේ මේ කටාර් ගැන නේ ඔය කියන්නේ...මම ඉන්නේ ජිබූතිනේ.....

අපේ කොම්පැනියේ ඉන්නේ පිරිමි විතරයි.....ගුණයට පිස්සු....